
2025.09.15 -2025.09.21 දින දක්වා ක්‍රියාත්මක දීපව්‍යාප්ත වැඩසටහන්
2025.09.15 සමාරම්භක දිනය හා ජංගම සේවා දිනය වත්තේගම ශ්‍රී සුදර්ශනබිම්බාරාම විහාරස්ථානයේදී පැවති අතර ඒ් සදහා පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, වත්තේගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා, වත්තේගම දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද වත්තේගම නගර සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද ප්‍රදේශවාසීන්ද සහභාගී විය.
මෙහිදී ආදායම් එකතු කිරීමේ ජංගම සේවයක්, වෛද්‍ය සායනයක් පැවැත්විය







2025.09.16 පරිසර හා රුක් රෝපණ දිනය
මෙදිනට වත්තේගම බාලිකා විදුහල සහ වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ රුක් රෝපණ වැඩසටහනක් ,ඔසු උයනක් ස්ථාපිත කිරීම සමග වත්තේගම ලිට්ල් ඒන්ජල් පෙර පාසලේ දරුවන්ට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.







2025.09.17 සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
2025.09.17 සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය යෙදී තිබූ බැවින් වත්තේගම නාරංදණ්ඩ පාරේ ශ්‍රමදානයක් සහ ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහන පැවති අතර,ඒ සදහා වත්තේගම නගර සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් ,කාර්ය මණ්ඩලයත් සහභාගී වූ අතර ආයුර්වේද වෛද්‍ය නිලධාරී සම්බන්ධ කර ගනිමින් ආයුර්වේද සායනයක් පැවැත්විණි.






2025.09.18 ආදායම් ප්‍රවර් ධන දිනය
මෙදිනට හිග ආදායම් රැස් කිරීමේ වැඩසටහනක් පැවති අතර,වත්තේගම ප්‍රධාන නගර සභා සීමාවේ හිග ආදායම් එකතු කිරීම සදහා ගරු සභාපතිතුමා ,ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.






2025.09.19 සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය
මෙදිනට සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර් ධන දිනය යෙදී ඇති බැවින් වත්තේගම බාලිකා විද්‍යාලය ,වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ,භාරතී දමිළ විද්‍යාලය හා යටිරාවන මහා විද්‍යාලයේ දරුවන් 100 දෙනෙකු සදහා පුස්තකාල සාමාජිකත්වය ලබා දුන් අතර,වත්තේගම ළමා පුස්තකාලයේ සාමාජික දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි.එසේම සාහිත්‍ය දිනය මුල් කරගනිමින් නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වාණිජ,ආයතන සම්බන්ධ කරගනිමින් ” දුම්බර ගී මියැසිය ” නමින් රස වින්දනාත්මක වැඩසටහනක් පැවැත්විණි.තවද වත්තේගම නගර සභාවේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මැතිතුමාගේ අතින් සිදුවිය.














2025.09.20 මහජන උපයෝගීතා දිනය
මෙදින වත්තේගම නගර සභාවට අයත් දුංඔය ආදාහනාගාරය අවට පිරිසිදු කිරීම හා නගරයේ වීථි පහන් නොමැති ස්ථාන හදුනා ගැනීම සමග නගරයේ ප්‍රධාන මාර් ගයේ ගල් බොරළු ඇහිදීම සිදු කළ අතර,ඒ සදහා වත්තේගම නගර සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත් ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් සහභාගී විය.





2025.09.21 ක්‍රීඩා දිනය ,සහතික පත්‍ර ප්‍රධානය සහ සමාප්ති දිනය
සමාප්ති දිනය හා ක්‍රීඩා දිනය වෙනුවෙන් ශරීර සුවතා වැඩසටහන සහ ක්‍රිකට් තරගාවලියක් පැවති අතර,ඒ සදහා සහභාගී වූවන්ට සහතික පත්‍ර පිරිනැමීම සිදුවිය.ඒ සදහා වත්තේගම නගර සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්රීමණ්ඩලයත් ලේකම්තුමා ඇතුළු කාර් ය මණ්ඩලයත් සහභාගී විය.






මෙම දීප ව්‍යාප්ත වැඩ සටහන් මාලාව සදහා වත්තේගම නගරයේ අනුග්‍රාහක භවතුන් වෙතින් රුපියල් 222500.00 ක් ලැබුණු අතර ඉන් රුපියල් 174204.20 ක් වියදම් විය.ඉතිරි මුදල වන රුපියල් 48295.80 ක් වත්තේගම නගර සභාවේ සුභ සාධක සංගමයේ ගිණුමට බැර කරන ලදී.


