අපි ගැන

දැක්ම

ජනතා සේවයට නිරතුරු කැපවෙමු.

මෙහෙවර

බලප්‍රදේශයේ ඇති සීමිත සම්පත් වලින් උපරිම ඵල ලබා මහජන සෞඛ්‍ය, උපයෝගි සේවා හා පොදු මංමාවත් පිළිබඳ කටයුතු විධිමත් කර පාලනය කිරීම නාගරික ජනතාවගේ සුභසාධනයට අදාල කටයුතු පවත්වා ගෙන යාම හා වැඩි දියුණු කිරීම.

අරමුණු

මතු පරපුර වෙනුවෙන් සමස්ථ පරිසරය සුරකිමු.

වත්තේගම නගර සභාවේ ලේකම්තුමාගේ පණිවුඩය

වත්තේගම නගර සභාව , මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ,පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පළාත්පාලන ආයතනයකි.වර්ග කිලෝමීටර් 2.59 ක වපසරියකින් සමන්විත මෙය ග්‍රාම නිලධාරි වසම් 2 ක් සම්පූර්ණ වශයෙන් සහ තවත් වසම් 06 ක කොටස් වලින් ආවරණය වන භූමි ප්‍රමාණයේ  9960 ක පමණ ජනගහනයක් ජීවත් වෙති.

නකල්ස් පාරිසරික සංවේදී කදු පංතියක් සහිත වත්තේගම නගරය මනා දුම්රිය හා මහා මාර්ග පද්ධතියකට සංකේන්ද්‍රිව පිහිටා ඇත.පෞරාණික උඩරට රාජධානි‌ සමයේ උරුමයන්ගෙන්  සුසැදි  නම් ගම් වලින් වත්තේගම බල ප්‍රදේශය නිර්මාණය වී ඇත.

මිනිසාගේ උත්පත්ති‌යේ සිට මරණය දක්වා විවධ සේවාවන් රැසක් මෙම නගර සභාව මගින් සිදුකෙරෙන අතර  බල ප්‍රදේශය ප්‍රධාන පුස්තකාලයකින් හා ළමා පුස්තකාලයකින් සමන්විතව  ආයුර්වේද සායනය , මහජන    ක්‍රීඩාංගනය ආදාහනාගාරය ,රැස්වීම්ශාලා  සහිතව  පහසුකම් ලබාදිමට හැකිවීම සහ අතුරු මාර්ග සංවර්ධනය තුළින්  සුළු නගර සභාවක් වුවද සේවාලාභින් වෙත  සේවා සැපයිමට හැකිවීම  භාග්‍යයක්  ලෙස සැලකිය හැකිය  

වත්තේගම නාගරික බල ප්‍රදේශයේ   සේවාලාභි සියලු පුරවැසියන් ගේ සේවාවන් කාර්යක්ෂම කිරීමේ අභිලාෂයෙන්   සාර්ථකව  වෙබ් අඩවිය පවත්වාගෙන යාමට හැකිවිම  සතුටට කරුණකි. .නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් සේවා සැපයීම සහ විනිවිද බවින් යුතුව රාජකාරි ඉටුකිරිම මෙහි අරමුණයි. නාගරික ජනතාවගේ   සුභ සාධන කටයුතු වැඩිදියුණු කිරීම සහ මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමට ද නගර සභාව පිහිටවු දින සිට අද දක්වා සේවය කළ ගරු සභාපතිවරුන් සහ මන්ත්‍රි මණ්ඩලයටත්  ස්තූතිවන්ත වෙමින් ඉදිරියටත්  මා ඇතුළු නිලධාරි මණ්ඩලය  ජනතා සේවයට  කැපවන බව ප්‍රකාශකර සිටිමි.

වී.බී.වස්ගේවත්ත

ලේකම්

වත්තේගම නගර සභාව